WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට

2024 October 14- Page Views : 21

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකය යටතේ ඇති 141 පාබල බලසේනා මුලස්ථානයට අයත් 2 වන ශ්‍රිලංකා යුධහමුදා සේවා බලකායේ භටපිරිස් 13 පස්වරුවේ කටයුතු කළහ.

මෙම වැසියන් ජල ගැල්ම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් වල කොටුවී සිටියදී ගමනා ගමන පහසුකම් සියල්ල ඇනහිට තිබීම හේතුවෙන් යුධ හමුදා භට පිරිස් මෙම පිරිස මුදවාගැනීමේ මානුෂීය මෙහෙයුමක යෙදිණි.

පීඩාවට පත්ව සිටියදී මුදා ගත් වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු පිරිස් සදහා අවශ්‍ය පහසුකම් සලසාදීමටද යුද හමුදා නිලධාරින් විසින් පියවර ගනු ලැබීය.