WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රජයේ රස පරීක්ෂක පත් කරයි

2024 October 15- Page Views : 34

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 දින සිට විශ්‍රාම ලබා තිබේ.

ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහලම ජ්‍යෙෂ්ඨතාව හිමි දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.