WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නාසා යානය රහස් සොයන්න යයි

2024 October 15- Page Views : 29

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන, බෘහස්පතිට අයත්, අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.

ක්ලිපර් යානය සම්බන්ධ කළ ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් හෙවි රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

පෘථිවි කක්ෂයට යද්දී, ෆෝල්කන් රොකට්ටුවෙන් වෙන් වුණු ‘ක්ලිපර්’ රොබෝ ගවේෂණ යානය, යුරෝපා චන්ද්‍රයා බලා වසර 6 ක් තිස්සේ, කිලෝ මීටර් බිලියන 3 ක් ගමන් කරනු ඇත.

බෘහස්පතිට චන්ද්‍රයන් බොහෝ ප්‍රමාණයක් ඇති අතර, යුරෝපා යනු එයින් එක් අයිස්වලින් සමන්විත චන්ද්‍රයෙකි. මෙම චන්ද්‍රයා සොයා ගත්තේ ගැලීලියෝ ගැලීලිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මධ්‍යයේ මහා සාගරයක් ඇති බවත්, ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් වැනි පිටසක්වල ජීවීන් සිටිය හැකි බවත්ය.

මිසින් රොබෝ යානයක් යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට යැවුණු පළමු අවස්ථාව මෙයයි. ‘ක්ලිපර්’ යානය, කෙලින්ම බෘහස්පති බලා යන්නේ නැත. 2025 පෙබරවාරියේ අඟහරු වටාත්, 2026 දී යළිත් වරක් පෘථිවිය වටාත් ගමන් කරමින් අඟහරුගේත්, පෘථිවියේත් ගුරුත්ව බලය යොදා ගනිමින් අවහ්‍ය වේගය ලබා ගෙන, කැටපෝලයකින් ගල් කැටයක් විදිනා ආකාරයට, ඉන්පසු බෘහස්පති බලා වේගයෙන් ඇදී යයි.

‘ක්ලිපර්’ රොබෝ යානය යුරෝපා චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 වසරේදීය. යානය ඉන්පසු යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් කරමින්, ඡායාරූප ගැනීම, දත්ත රැස් කිරීම සහ චන්ද්‍රයා සිතියම්ගත කිරීම සිදු කරනු ඇත. යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි.

‘ක්ලිපර්’ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.2 කට වඩා වැඩි යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.