WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවෙන් කැනඩාවට රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක්

2024 October 15- Page Views : 21

ඉන්දියාව කැනඩාව වෙත රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් එල්ල කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය ඉන්දියාව සම්බන්ධයෙන් සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් තම රට තුළ සිදුකරන පරීක්ෂණයකට සම්බන්ධ කරමින් කැනඩාව එල්ල කරන චෝදනා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර එය "ටෲඩෝ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයක්" ලෙස ඉන්දියාව විසින් හඳුන්වනු ලබනවා.

ඉන්දියාව ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වන ඛාලිස්තාන් ක්‍රියාකාරී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියානු නියෝජිතයින් සම්බන්ධ බව අගමැති ජස්ටින් ටෘඩෝ පසුගිය වසරේ ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දු-කැනඩා සබඳතා පළුදු වුණා.

ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය රජය කියා සිටියේ කැනඩාව ඉන්දියාව සමඟ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි බෙදාගෙන නොමැති බවත් චෝදනා ටෘඩෝ රජයේ ක්‍රියාකලාපය දේශපාලනය වටා කේන්ද්‍රගත වූ බවයි.

එවන් පසුබිමක් තුළ ඉන්දියාව කැනඩාවට විරෝධය පළ කිරීමක් ලෙස සිය රටේ සිටි කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 06 දෙනෙකු නෙරපා හැර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ එරට සිටින කැනඩාවේ වැඩබලන මහ කොමසාරිස් ස්ටුවර්ට් වීලර් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් පැට්‍රික් හෙබට් ඇතුළු තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් හතර දෙනෙකු ඇතුළු කැනේඩියානු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු නෙරපා හරින බවයි.