WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය එන්ජිමක ගින්නක්

2024 October 15- Page Views : 39

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .

පෙරවරු 7.25 ට දකුණ කළුතර දුම්රිය ස්ථානයෙන් මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 326 දරණ දුම්රියේ පිටුපස එන්ජිමේ ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකකින් ගිනි භඨයින් අට දෙනෙකු පැමිණ සිටී අයුරුද දැකගත හැකිවිය .

ගින්න විනාඩි තිහක පමණ කාලයකදී පාලනය කර තිබූ අතර , එම දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගන්නා ලදී.