WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ

2024 October 14- Page Views : 24

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග විවිධ ප්‍රමාණවලින් යුත් කඩු හතක් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයන් පිරිසක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සඳහා සූදානමින් තීරෝද රථයකින් පැමිණෙන බවට ලද රහසිගත තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ දූෂණ මර්දන අංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී අන්තර්ජාල යෙදවුමක් හරහා පුද්ගලයෙකු සමග හිතවත් වි එම පුද්ගලයාව ගල්කිස්සට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ දෙකක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව පවතින නඩුවක වින්දිත එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

.අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සොයිසා පුර සහ බායිවත්ත පදිංචිකරුවන්ය