WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලක්ෂ 10 ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු කොටු වෙයි

2024 October 14- Page Views : 22

වැල්ලම්පිටිය පොලිස් වසමේ වඩුගොඩවත්ත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් කේරළ ගංජා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 112 ක් සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ

වයස අවුරුදු 36 ක් වන සකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.