WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධීවරයන්ට සහන මල්ලක්

2024 October 15- Page Views : 24

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව රජය පවසයි. එබැවින් ධීවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා සහන ලබා දීම පිණිස කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/- ක් දක්වා වන උපරිමයකට යටත්ව " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම.

ඉන්ධන වශයෙන් භුමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15 ක හා මසකට දින 25 ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක "ධීවර කර්මාන්තය යථා තත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම.

ඩිසල් හා භුමිතෙල් වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/- ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/-කට ද යටත්ව, උපරිම මාස 6 ක කාලයක් දක්වා ඩියල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5% ක සහනයක් ද භුමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5% ක පහනයක් ද ධීවර ජනතාවට හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වා ගෙන යාම අදාල ධීවර සහන වේ.