WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දැරියක් මුහුදේ ගිලී මරුට

2025 August 13- Page Views : 9

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස් මිය ගිය තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී කපුහෙන්වල පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන  ඇති මව පියා හා ඔවුන් ගේ දරුවන් තිදෙනා අද පෙරවරුවේදී වෙරළ තීරයේ ඇවිදිමින් සිටින අතර තුරුදී මෙම දැරිය මුහුදට ගසාගෙන ගොස් තිබේ.

සංචාරක හෝටලය විසින් පොලීසිය දැනම්වත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා කිමිදුම් කරුවන් පැමිණ මිය ගිය දැරියගේ සිරුර ගොඩ ගෙන තංගල්ල මූලික  රෝහලට බාර දී තිබුණි. මුහුදේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ දිනිත්මා නෙතුලි කරන්නාගොඩ ලියනගේ නම් දැරියයි.