WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාලිංග කුමාර වසර 23ක් පැරණි වාර්තාවක් බිඳහෙළයි

2023 July 29- Page Views : 35

මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමින් කාලිංග කුමාරගේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට අද (29) සමත්වුණි.

ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීය.

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණි.

එහිදී තත්පර 45.07කින් තරගය නිම කළ කාලිංග කුමාරගේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් වසර 23ක් පැරණි රොහාන් ප්‍රදීප් කුමාර විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ තරග වාර්තාව බිඳ හෙළිමට මෙලෙස සමත්විය.

සුගත් තිලකරත්නගෙන් පසු මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම කාලය ලෙසද මෙය වාර්තා අතරට එක්වුණි.