WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජීප් රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි දෙදරු පියා මරුට

2024 October 23- Page Views : 36

නොරෝච්චෝල සේතපොල මැල්කොළණිය මංසන්දිය ආසන්නයෙදී අද(23 ) ජීප් රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇති බව පොලිසිය පවසයි.

අනතුරීන් මරණයට පත්ව ඇත්තේ පුත්තලම පොත්තුවිල්ලුව ප්‍රදේශයෙ පදිංචිව සිටි 44 හැවිරිදි වර්ණකුලසුරීය රසල් ප්‍රදීප් ටයිටස් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු බව කියයි.

මරණයට පත් දෙදරු පියා තවත් අයකු සමග යතුරු පැදියකින් කල්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි සුඛෝපභෝගි ජීප් රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් දකුණු පසින් පැමිණි යතුරු පැදිකරුවන් යටකරමින් ගොස් අසල මාර්ගයෙන් ඉවතට පැන නැවති තිබු බව රථවාහන පොලිස් නිළධාරීන් පවසයි.