WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බුලත් විටත් 130කින් ගණනන් උස්සයි

2024 October 23- Page Views : 22

රුපියල් 60 ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.

ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දන් බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙන බව පාරිභෝගිකයෝ කියති.

ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරන බවත් ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.

මේ දිනවල පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.