WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන ගිය පුංචි මිනුලි

2023 August 06- Page Views : 35

මෙරට ඉතිහාසයේ පළමුවරට 11 හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් මහා බ්‍රිතාන්‍යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට තේරීපත්ව තිබේ.

ඇය මිනුලි සොහන්සා ය.

පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ පැවති බ්‍රිටිෂ් නැෂනල් චැම්පියන්ෂිප් ජිම්නාස්ටික් තරගාවලියටද ඇය සහභාගීවිය.

එංගලන්තයේ ජාතික තරගාවලියක් වුවත් මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට එය සුවිශේෂී වේ.

ඒ එංගලන්තයේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මෙහි තරග වැදීමය.

ලන්ඩන් නුවර ජීවත් වන ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවට මෙතරම් දස්කම් දක්වන්නේ ඇයගේ පියාගෙන් ලද ආභාෂයෙනි.

ඔහු බ්‍රිතාන්‍ය ක්‍රීඩා සමාජයක ජිම්නාස්ටික් පුහුණුකරුවකු වීමද විශේෂත්වයකි.

ගුණරත්න බණ්ඩාර නමැති ඇයගේ පියා මෙරට පාසල් රැසක ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ලෙස සේවය කරමින් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටට දායද කළ අති දක්ෂයෙකි.

සිය පියාගේ ගුරුහරුකම් මධ්‍යයේ ජම්නාස්ටික් පුහුණුවීම් කළ මිනුලි ඇයට වයස අවුරුදු 6දී එංගලන්තයේ පුහුණුකරුවෙක් යටතේ පුහුණූවීම් ආරම්භ කර ඇත.

මිනුලි එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග ගණනාවකට සහභාගී වී පදක්කම් රැසක් දිනාගෙන ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ තරගකරුවන් ද අබිබවමිනි.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙරට ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එකතු කරමින් මිනුලි පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ ජිම්නාස්ටික් ජාතික කණ්ඩායමට තේරීපත්වීමය.

ඒ අනුව මේ දක්ෂ පුංචි මිනුලි ලබන ඔක්තෝබර් මාසයේ ජර්මනියේ පැවැත්වෙන Gutenberg cup international තරගාවලියට පළමු වරට මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.