WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් ලෝලීන්ට සුබ පණිවුඩයක්

2023 August 07- Page Views : 36

මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.

පසුගිය දශකය පුරාවටම අසල්වැසි රටවල්වල පැවති තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහභාගි වුවත් පාකිස්තාන කණ්ඩාමයක් ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග සඳහා සහභාගී වුයේ නැත.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදුනොවිය යුතු බවය.

එමෙන්ම ඉන්දියාව සමග පවතින ද්විපාර්ශික සබඳතා අන්තර් ජාතික ක්‍රිඩාවට සම්බන්ධ කර නොගන්නා බවත් පාකිස්තානය පවසා ඇත.

එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිව යුතු බවත් පාකිස්තානය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් මෙම මස 31 වනදා පැවැත්වීමට නියමිත ආසියානූ කුසලානයට සහභාගීවීම සඳහා පාකිස්තානයට යාමට ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

එබැවින් එම තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.