WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල - ලංකාවට පදක්කම් දෙකක්

2023 August 10- Page Views : 35

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර සමත්වුණි.

ඒ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙනි.

ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හිදී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් මහා තරගයට අඹගමුව මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි අයෝමාල් අකලංක අද (10) අලුයම සහභාගී වුණි.

එහිදි අයෝමාල් පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගත්තේය.

ඔහු එම තරග ඉසව්ව අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 51.61කි.

මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම එංගලන්තය හිමිකරගත්තේය.

මේ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට නිලුපුල් පැහැසර සමත්වුණි.

නිලුපුල් එහිදි දැක්වූ දක්ෂතාව මීටර් 2.00කි.

එම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්ථවිදු මීටර් 1.95ක දක්ෂතාවක් දක්වමින් සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත්වුණි.

උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම එංගලන්තය හිමිකරගත් අතර රිදි පදක්කම හිමිකරගත්තේ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දේශයේ ක්‍රීඩකයෙකි.