WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වහාබ් රියාස් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

2023 August 16- Page Views : 35

පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එරට දේශපාලනයට මේ වනවිට සම්බන්ධ වී ඇති වහාබ් රියාස්, පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස මේ වන විට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 91ක් සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර ඇති ඔහු, අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ, 2020 වසරේ දී වීම විශේෂත්වයකි.

ඒ අනුව සිය වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට වහාබ් රියාස් තීරණය කර ඇති අතර, ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර ඇත.