WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෝල් කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක්

2023 August 19- Page Views : 35

LPL තරගාවලියේ අවසන් වටයේ තවත් තීරණාත්මක තරගයක් මේ වනවිට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම අතර පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස්කළේය.

දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමංග ලකුණු 38ක් රැස්කරගත්තේය.

ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් වූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 158ක් ලබාගත යුතුය.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායම සමග හෙට (20) පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වනු ඇත.