WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැන්ඩි ක්‍රීඩකයෝ එල්.පී.එල්. ශූරතාව දිනති

2023 August 21- Page Views : 35

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 ශූරතාව දිනාගැනීමට වනිඳු හසරංග නායකත්වය දැරූ බී - ලව් කැන්ඩි පිල ඉයේ (20) සමත් විය.

කැන්ඩි පිල එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉයේ රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී බී - ලව් කැන්ඩි පිල කඩුලු 5 කින් දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය.

කැන්ඩි පිල ලකුණු 148 ක ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 29 කින් හයේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය.

වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කළේය.

දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 4 ට 147 (කුසල් මෙන්ඩිස් 22, සදීර සමරවික්‍රම 36, කුසල් පෙරේරා නොදැවී 31, ධනංජය ද සිල්වා 40, චතුරංග ද සිල්වා 25/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 19.5 කදී කඩුලු 5 ට 151 (මොහොමඩ් හාරිස් 26 කමිඳු මෙන්ඩිස් 44 දිනේෂ් චන්දිමාල් 24, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, අසීෆ් අලී 19, බිනුර ප්‍රනාන්දු 31/2, නුර් අහමඩ් 27/3)