WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව වේගවත්ම කාන්තාව ෂකාරී

2023 August 22- Page Views : 35

කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් ඊයේ (21) සමත්වුණි.

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහ ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, ෂෙරීකා ජැක්සන්, බ්‍රිතාන්‍යයේ ඩීනා ඈෂර් ස්මිත් සහ අමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් ඇතුළු සුපිරි ක්‍රීඩිකාවන් 08 දෙනෙක් සුදුසුකම් ලබා සිටියාය.

අතිශය තියුණු තරගයකින් පසු අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමිනි.

ඇය එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 10යි දශම 6 යි 5කි.

රිදී පදක්කම තත්පර 10යි දශම 7යි 2කින් එම ඉසව්ව නිම කළ ජැමෙයිකාවේ ෂෙරීකා ජැක්සන් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිකරගත්තේ ගියවර ලෝක ශූරියවූ ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්.

ඒ අනුව ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ට 06 වරක් එකම ඉසව්වේ ලෝක ශූරතාවය දිනාගත් ප්‍රථම හා එකම ක්‍රීඩිකාව බවට පත්වීමට තිබු අවස්ථාව ඊයේ ගිළිහි ගියාය.