WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චමීර ආසියානු කුසලානයෙන් ඉවතට

2023 August 23- Page Views : 35

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

දුෂ්මන්ත චමීර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග 4ක් පමණයි.

තරගාවලිය අතරතුරද උරහිසේ ආබාධයකට ලක් වූ අතර මේ හේතුවෙන් ඔහුට මූලික වටයේ තරග කිහිපයක් සහ අවසන් වටයේ තරග අහිමි වුණි.

චමීරගේ ආබාධ තත්ත්වය අනුව ඔහුට එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

මේ වන විට ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති අතර ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවද වාර්තා වේ.