WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝකෙම හොල්ලන ඉන්දීය චෙස් ශූරයා

2023 August 25- Page Views : 36

ඉන්දීය චෙස් ක්‍රීඩක ආර්.ප්‍රඥානන්ධා ඊයේ (24) නිමාවට පත්වූ ලෝක චෙස් ශූරතාවලියේ දී අනු ශූරතාව හිමිකර ගත්තේය.

තියුණු තරගයකින් අනතුරුව ලෝකයේ අංක එක චෙස් ක්‍රීඩකයා වන නොර්වේ හි මැග්නස් කාල්සන් ට ඔහු පරාජය විය.

18 හැවිරිදි වියේ පසුවන ප්‍රඥානන්ධා අනාගතයේ දී ලෝක චෙස් ශූරයා වනු ඇතැයි බොහෝ විචාරකයෝ පවසති.

එසේම ඔහුගේ ජයග්‍රහණය හේතුවෙන් ඉන්දියාවේ චෙස් ක්‍රීඩාව සඳහා යහපත් බලපෑමක් ඇති වෙතැයි අනුමාන කෙරේ.

බාකු නගරයේ පැවති ලෝක චෙස් ශූරතා තරගාවලියේ දී මෙම යෞවනයා දැක්වූ එඩිතර තරග විලාසය කාගේත් සිත් ගත්තේය.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රඥානන්ධා ට සුභ පැතීය.

ඔහු පැවසුවේ ප්‍රඥානන්ධා 'සුවිශේෂ' සිය ප්‍රතිවාදියාට තියුණු සටනක් දුන් බවයි.

ඉන්දියාවෙන් බිහිවූ ප්‍රකට චෙස් ශූරයෙක් වන විශ්වනාදන් ආනන්ද් ලෝක චෙස් ශූරතාව 2002 වසරේ දී ජයගත් අතර, ඉන් පසුව මෙම වසර දක්වා ඉන්දියාවේ කිසිවෙක් ඊට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

ප්‍රඥානන්ධා කා අතරත් ප්‍රසිද්ධව ඇත්තේ 'ප්‍රාග්' යන නමිනි. ඔහුගේ පියා බැංකු කළමනාකරුවෙකි. මව ගෘහණියකි.

ඔහුට මුල් කාලයේ දී දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය.

ඔහුගේ දෙමව්පියන් සිය පුතාගේ අවශ්‍යතා සඳහා මුදල් ණයට ගත් බව ද සඳහන් වෙයි.

නමුත් වයස අවුරුදු 10 දීම ජාත්‍යන්තර ශූරතා ජය ගැනීමත් සමඟම ඔහුට සහාය වීමට බොහෝ අය ඉදිරිපත් වූහ.