WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රීඩිකාවක් සිප ගත් පාපන්දු සභාපතිට විනය පරීක්ෂණයක්

2023 August 26- Page Views : 35

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා ස්පාඤ්ඤය තුළ විරෝධතාවක් ආරම්භ වී තිබේ.

ඒ, නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෑගි ප්‍රධාන උත්සවයේදී ඔහු ක්‍රීඩිකාවන් සිප ගැනීමට විරෝධය පළකරමිනි.

නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එක් ක්‍රීඩිකාවකගේ දෙතොල් සිපගෙන තිබුණි.

එම සිද්ධිය ලෝකයේම අවධානය හිමිකරගත් සිද්ධියක් වූ අතර ලුයිස් රුබියල්ස් සඳහන් කළේ සතුට වැඩිකමට ඔහු එය සිදුකළ බවය.

පසුව එම සිද්ධියට මුහුණ දුන් ක්‍රීඩිකාවද ඒ සිද්ධිය විවේචනය කර තිබුණි. අනතුරුව ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා පාපන්දු සම්මේලනය ඉදිරිපිට දැඩි විරෝධතවක් ඊයේ පැවැත්විය.

කෙසේවෙතත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත් නොවන බව සඳහන් කර ඇත.

ඒත් සමඟ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළුව එරට පාපන්දු ක්‍රීඩිකාවන් 81 දෙනෙකු තමන් ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසට පවසා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත්වන තුරු ඔවුන් ක්‍රීඩා නොකරණ බවය.