WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

2023 August 28- Page Views : 36

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් විය.

හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා කිරුළක් හිමිකරගත් පළමු ඉන්දියානුවා ඔහු වෙයි.

එම ඉසව්වේ ඔලිම්පික් ශූරයා ද වන චොප්රා මීටර් 88.17ක් දුර හෙල්ලය විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර රිදී පදක්කම පාකිස්තානයේ අර්ශාද් නදීම් හිමිකරගත්තේ මීටර් 87.82ක් දුරට හෙල්ලය විසිකරමිනි.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීට පෙර ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනාගත්තේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් අන්ජු බොබී ජෝර්ජ් ය.

ඒ 2003 වසරේදී ය.