WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුන්ෆු ශූරතා තරගාවලියෙන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

2023 August 29- Page Views : 35

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (28) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය පසුගිය 22 වන දා සිට 27 වන දා දක්වා චීනයේ, එමිෂාන් නුවර පැවති අතර ඊට රටවල් 154 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට මෙහිදී රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගැනීමට හැකි වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර කුන්ෆු ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු එක්ව සිටියා.