WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු කුසලානයේ පළමු තරගය.

2023 August 31- Page Views : 35

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ අභියෝගය භාරගැනීමට සූදානමින් සිටින බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක,

"බංග්ලාදේශය සමග අපි ළඟදි එක්දින තරග ක්‍රීඩා කළේ නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් ක්‍රීඩා කරන ආකාරය. වනිඳු නැති එක ගොඩක් ලොකු පාඩුවක්. නමුත් එයා නැති වුණා කියලා කණ්ඩායම පහළට ගිහින් සෙල්ලම් කරලා නැහැ. ඉන්න ක්‍රීඩාකයින්ගෙන් උපරීම දක්ෂතා අතරට පැමිණිලා තරග ජයග්‍රහණය කරවන එක තමයි නායකයෙක් විදියටත් ක්‍රීඩකයෙක් විදියටත් මගේ බලාපොරොත්තුව."