WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට

2023 September 01- Page Views : 36

2023 ආසියානු කුසලානයේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (01) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබේ.

ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සඳහා එක් වී සිටි බව වාර්තා වේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්තානයේ ලාහෝර් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් -141 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළැඹෙන 05 වනදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.