WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

2023 September 05- Page Views : 35

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

තරගය පස්වරු 03.00ට ආරම්භ වන අතර, මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වෙයි.

B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදුවන්නේ අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මතය.

එම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත තීරණය කිරීමට සිදුවේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ලකුණු ලබාගැනීමේ වේගය ධන 0.951ක් ලෙස සටහන්වන අතර ඇෆ්ගනිස්තානයේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වන්නේ සෘණ 1.780ක් ලෙසය.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට දැනට වැඩිවාසි හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය.