WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියා - පාකිස්තාන තරගය අද

2023 September 10- Page Views : 35

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (10) සවස 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය නැරඹීම සඳහා ජගත් ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් පසු වන බව ද පෙනෙන්නට තිබේ.

ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක ඇති උද්වේගකර බව හේතුවෙනි.

සුපිරි සිව් දෙනාගේ වටයේ තෙවැනි තරගය ලෙස අද තරගය පැවැත්වෙන අතර, ඊයේ පැවති දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම, සුපිරි සිව් දෙනාගේ වටයේ තරගවලින් තරග දෙකක්ම මේ වනවිට පරාජයට පත් වී ඇත.

ඒ අනුව ඔවුන්ට අවසාන මහා තරගයට පිවිසීම සඳහා ඇත්තේ, ඉතාම අඩු අවස්ථාවක් බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය වී තිබේ.