WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා ඉල්ලා අස්වෙයි

2023 September 11- Page Views : 35

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubiales සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම ජයගත් අවස්ථාවේ ඉදිරිපෙළ ක්‍රීඩිකා Jenni Hermoso සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පසුබිමක ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මෙම සිදුවීම ස්පාඤ්ඤයේ මෙන්ම ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරගිය අතර ලෝක කුසලාන ජයග්‍රහණයට වඩා එම සිදුවීම පිළිබඳව කතාබහක් ඇතිවිය.

මේ අතර Jenni Hermoso එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ද ගොනුකර ඇත.

ඒ අනුව පසුව Luis Rubialesට එරෙහිව මෙම සිදුවීම සම්බන්ධයෙන් ලිංගික අතවර සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ගොනුකර ඇත.