WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඉන්දියා තරගය අද

2023 September 12- Page Views : 36

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවය.

ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.