WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹේ

2023 September 23- Page Views : 35

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී අද (23) ආරම්භ වීමට නියමිත ව තිබේ.

සමාරම්භක උත්සවය අද පැවැත්වෙන්නේ, හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දීය.

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඉකුත් වසරේ පැවැත්වීමට නියමිත ව තිබුණ ද කොවිඩ් වෛරසය යළි එරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමත් සමඟ ක්‍රීඩා උලෙළ මෙම වසරට කල්දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.

චීනය ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබා දෙන තුන් වැනි අවස්ථාව මෙය වේ.

සමාරම්භක උත්සවය ක්‍රීඩා උලෙළේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වන හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිත අතර, සමාප්ති උත්සවය ද ප්‍රේක්ෂකයන් 80,000කට අසුන්ගත හැකි එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබේ.

‘බිග් ලෝටස්’ ලෙසින් ද හඳුන්වන හංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනාධිපති ෂී ජින් පින්ග් සහභාගි වීමට නියමිතය.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,500කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත ව තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත ව ඇති අතර, ඔවුන් ක්‍රීඩා 21ක් වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇත.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ දී ජාතික ධජය රැගනෙ යාමේ වගකීම පැවරී ඇත්තේ, මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නටය.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උලෙළ වන ආසියානු ක්‍රීඩා උලෙළ අද සිට දින 16ක් පුරා පැවැත්වෙන අතර, තරග ස්ථාන 54ක දී පැවැත්වීමට නියමිත ව තිබේ.

මේ අතර, ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට (23) පැවැත්වෙයි

පළමු තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දෙවැනි තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර මෙරට වේලාවෙන් හෙට පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.

මෙම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

එම තරගය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.