WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ඉන්දියාවට

2023 September 25- Page Views : 35

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය නායිකාව සමත්වුණි.

ඒ අනුව ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතය.

ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගනිමින් රන් පදක්කම සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණි.

අද පැවැත්වෙන තරගයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම හිමිවන අතර පරාජය වුවහොත් තරග ඉසව්වේ රිදී පදක්කම හිමි වේ.

ඒ අනුව 2014 වසරට පසුව එනම් වසර 9කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමට නියමිතය.