WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සැරසෙයි

2023 September 28- Page Views : 35

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් අද නිදොස් කොට නිදහස් කර තිබුණි.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කළාය.

ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමුවූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනුවී තිබිණි.

ඉකුත් 21 වනදා ධනුෂ්කගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේදී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.