WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බාධා මැද පාකිස්තාන පිල ඉන්දියාවට එයි

2023 September 29- Page Views : 35

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන පාකිස්තාන් කණ්ඩායම ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිණ තිබේ.

2016 T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්තානය ඉන්දියාවේ සංචාරයකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායමට ඉන්දියාවට ඇතුළුවීමට වීසා හිමිවීම ප්‍රමාදව තිබූ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබුණි.

පසුව ICCය මැදිහත් වීමෙන් පසු පාකිස්තානයට වීසා ලබාදීමට කටයුතු කර ඇත.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා ඉන්දීය රජය විසින් වීසා ලබාදී තිබුණේ පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවට පැමිණිමට පැය 48ක පමණ කාලයක් ඉතිරිව තිබියදීය.

පාකිස්තාන පිල ඉන්දියාවේ තරග සංචාරයකට එක්වන්නේ 2016 වසරේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු පළමු වරට වීමද විශේෂත්වයකි.

ඒ අනුව ඔවුන් ඉන්දියාවේදී තරග වදින්නේ වසර 07කට පසුවය.

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තානය පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිත අතර එම තරග දෙක නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත් වෙයි.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන පිල සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 6 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.