WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරගයට එක්වෙයි

2023 September 29- Page Views : 35

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව අද සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ බංග්ලාදේශයට එරෙහිවය.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ පුහුණු තරග අද සිට ආරම්භ වෙයි.

ඒ අනුව අද දිනයේදී පුහුණු තරග 3ක් පැවැත්වීමට නියමිතය.

ගුවාටි හිදී පැවැත්වෙන මෙම පුහුණු තරගය මෙරට වේලාවෙන් ‍පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තවත් පුහුණු තරගයක් ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී අද පැවැත්වෙයි.

තවත් පුහුණු තරගයක් පාකිස්තානය සහ නවසීලන්තය අතර හයිද්‍රාබාද් හිදී අද පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවන පුහුණු තරගය ඔක්තෝබර් මස 3 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගුවාටි හිදී පැවැත්වීමට නියමිතය.