WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලක්මව රනින් සැරසූ තරුෂිට සුපිරි ත්‍යාගයක්

2023 October 05- Page Views : 36

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

මේ අතර තරුෂි දැක්වූ එම සුවිශේෂී දක්ෂතාවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය වෙත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ රන් පදක්කම ලක්මවට ලබාදුන් තරුෂි කරුණාරත්නට මිලියන 10ක මුදලක් පිරිනැමීමටය.

ආසියානු ක්‍රීඩා උලෙළේදී තරුෂි කරුණාරත්න දැක්වූ දක්ෂතා පිළිබඳ තමන් ඉතාමත් සතුටට පත්වන බව තරුෂිගේ මාපියන් අද දෙරණ සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.