WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියා - ඔස්ට්‍රේලියා තරගය අද

2023 October 08- Page Views : 35

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද (08) චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතයි.

මෙරට වෙලාවෙන් පස්වරු 02ට තරගය ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරගාවලියෙන් ඉන්දියාව ජය ගනු ලැබුවේ, තරග 03කින් සමන්විත තරගාවලිය තරග 02ට 01ක් ලෙසිනි.

එසේම දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග 05න් තරග 03ක් ඔස්ට්‍රේලියාව හා තරග 02ක් ඉන්දියාව ජයගෙන ඇත.