WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ හිමි කරගත් කණ්ඩායම දිවයිනට

2023 October 11- Page Views : 36

චීනයේ හැංජො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ජයග්‍රාහිකයින් කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

මෙහිදී වඩාත් අවධානයට ලක්වූයේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා දිවයිනට පැමිණි තරුෂි කරුණාරත්න වෙතය.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න සමත්වුණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

මේ වනවිට රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටින තරුෂි තමා ලැබු ජයග්‍රහණය මෙන්ම ඇයගේ අනාගත බලාපොරොත්තුව ගැනද මෙලෙස අදහස් දැක්වීය.

"ගොඩක් සතුටුයි. බලාපොරොත්තුවෙන් හිටියේ ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් වෙයි කියලා. ලොකු කැපකිරීමක් කළා. ඉදිරියේ දී ඔලිම්පික් තියෙනවා ලබන අවුරුද්දේ. ඔලිම්පික්වලට කොලිෆයි වෙන එක තමයි බලාපොරොත්තුව. මට ලොකු සහයෝගයක් ලැබුණේ අම්මාගෙන්, තාත්තාගෙන්, අයියාගෙන් සහ නංගිගෙන්. ඒ වගේම මගේ පුහුණුකරුගෙන් ඒ වගේම මගේ පාසල වළල්ලේ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ගරුවරු මම ආදරෙන් මතක් කරනවා. නැෂනල් ඔලිම්පික් කමිටුව, මළල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය ඒ හැම ආයතනයකින්ම මට ලොකු සහයෝගයක් ලැබුණා."