WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියා - පාකිස්තාන ක්‍රිකට් ගැටුම අද

2023 October 14- Page Views : 36

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය අද (14) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ක්‍රීඩා ලෝලින් මහත් උනන්දුවෙන් පසු වන තරගයක් ලෙස මෙම තරගය හැඳින්විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසමිතුරන් ලෙස සාමාන්‍යයෙන් සැලකෙන කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග යනු, ක්‍රිකට් උණුසුම තදින්ම දිස් වන අවස්ථාවකට උදාහරණයකි.

විශේෂයෙන් දෙරටේ ක්‍රිකට් ලෝලින් තුළ මෙම උණුසුම දැඩි ලෙස පවතින බව හඳුනාගත හැකිය.

අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මාට හිමි ව ඇති අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන්නේ, බාබර් අසාම් විසිනි.

කෙසේ වෙතත් දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමා වුණේ විසඳුමකින් තොරවයි.

අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000කි.

මෙම තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මුද්‍රණය කෙරුණු අතර, එම ප්‍රවේශ පත්‍ර දකුණු ඉන්දීය සුපිරි නළු රජ්නි කාන්ත්, සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය ක්‍රිකට් වංශයේ ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර් යන අයට ලබා දීමට තීරණය වී ඇත.

ඉන්දියා - පාකිස්තාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ.