WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තීරණාත්මක ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය අද

2023 October 16- Page Views : 35

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය අද (16) පැවැත් වේ.

තරඟය ලක්නව් හිදි මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරඟයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් හට පැවරී තිබේ.

නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති තුනක පමණ විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණි.

ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායම එක්කර ඇති අතර ආබාධයකට ලක්වු මතීෂ පතිරණ වෙනුවට අද තරඟය සඳහා ළහිරු කුමාර බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇති බව සඳහන් වේ.