WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු පන්දුවාරයේ වාස්ගේ කඩුලු දඩයමේ අලුත් හිමිකරු

2023 November 02- Page Views : 36

චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායම නම් දැරූ වේගපන්දු යවන්නන් අතර සුවිශේෂී පරිච්ඡේදයක් හිමිකරගැනීමට සමත්විය.

පසුකාලීනව වාස්ගෙන් හිස්වූ ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියේ වමත් වේගපන්දුවේ තැන ගන්නට වමත් වේගපන්දු යවන්නෙකු බිහි නොවීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් මේ වනවිට එම හිස්තැනට සුපිරි වමත් වේගපන්දු යවන්නෙකු නිර්මාණය වෙමින් පැවතීම සතුටුවිය හැකි කරුණක් බව ක්‍රිකට් විචාරක මතයයි.

එකල වාස්ගේ පළමු පන්දුවාරයේදී ප්‍රතිවාදීන්ගේ කඩුල්ලක් හෝ දෙකක් දවාගැනීම සාමාන්‍ය දසුනක් විය.

තරගය ආරම්භයේම නැවත එම දසුනෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් පිනවන මේ අපූරු පන්දු යවන්නා ඩිල්ශාන් මදුශංකයි.

පසුගිය ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේදී පළමු පන්දුවාරයේ සිව්වන පන්දුවට ආරම්භක පිතිකරුගේ කඩුල්ල දවාගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙතට යොමුකරවමිනි.

එසේම අද තරගයේද පළමු පන්දුවාරයේ 3වන පන්දුවේදී ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා අසරණ කරවමින් ඩිල්ශාන් මදුශංකගේ පන්දුව කඩුල්ල සොයාගියේය. එම අවස්ථාව පහතින්.