WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝලි කෙටි කාලයකට ක්‍රිකට්වලින් ඈත්වෙයි

2023 November 30- Page Views : 36

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාසයකට ආසන්න කාලයක් සඳහාය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලි මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ බොහෝවිට එම කාලය සඳහා මෙලෙස විරාත් කෝලිට බොහෝදුරට විවේකයක් ලැබෙනු ඇති බවය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගන්වා ඇත.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට කෝලි තමන්ව විවේක ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවය.

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය පළමු තරගය එළඹෙන දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන අතර එම සංචාරයේදී ටෙස්ට් තරග 2ක් විස්සයි විස්ස සහ එක්දින තරග 3කට ඉන්දීය කණ්ඩායම එක්වනු ඇත.