WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවට ජය

2023 December 02- Page Views : 35

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති සිව් වන 20-20 තරගය ලකුණු විස්සකින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වුණේ, ලකුණු 154ක් පමණි.

තරගාවලියේ පැවති තරග හතරෙන් තරග 03ක් ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම 3-1ක් ලෙස ඉදිරියෙන් පසු වේ.