WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

19 පහළ ක්‍රිකට් පිල ආසියානු කුසලානයට ඩුබායි බලා පිටත්ව යයි

2023 December 06- Page Views : 35

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස් තිබේ.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව "අදදෙරණ" වාර්තාකරු පැවසීය.

19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසිනි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය වේ.

මෙම තරඟාවලිය ලබන 08 වනදා ආරම්භ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන 09 වන දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.