WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

2023 December 13- Page Views : 35

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.