WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙසීගේ ජර්සිවලට අතිවිශාල ලංසුවක්

2023 December 16- Page Views : 36

ආජන්ටිනා පාපන්දු නායක ලියනොල් මෙසී 2022 FIFA ලෝක කුසලානයේ දී ඇඳි ජර්සි අමෙරිකා ඩොලර් මිලියන 7.8ක මුදලකට අලෙවි වී තිබේ.

ප්‍රංශය සමඟ පැවැති අවසන් මහා තරගයේදී පැලඳ සිටි ජර්සිය ඇතුළු ඔහු ඇඳි ජර්සි හයක් මේ අතරට අයත් බව සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 16 දෙනාගේ වටයේ දී නෙදර්ලන්තයට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ක්‍රොඒෂියාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී මෙන්ම කණ්ඩායම් අදියරේ තරග දෙකේ දී මෙසී විසින් පැලඳ සිටි ජර්සි මෙම වෙන්දේසියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍යය පවසයි.

ලංසු තැබීම දෙසැම්බර් 14 දින අවසන් වූ අතර, ජයග්‍රාහී ලංසුව ඩොලර් 7,803,000ක් විය.

මෙසීගේ ජර්සි වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බාසිලෝනා හි San Joan de Déu ළමා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වේ.