WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තේරීම් කමිටුවේ ඔළු ගෙඩි මාරු කළාට වැඩක් නෑ - කුමාර් ධර්මසේන

2023 December 18- Page Views : 35

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ (17) අයගම පැවති වැඩසටහනකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මසේන මහතා පැවසුවේ වර්ථමානයේ පසුබෑමක් තිබුණ ද එය අනාගතයේදී යලි යථා තත්ත්වයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බවය.

"මම හිතන්නේ නම් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඔළුගෙඩි ටික මරු කළා කියලා වෙනසක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කටවත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දේය කවදාවක් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස් වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිපිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. සැලැස්මක් එක්ක ගියොත් වැඩිකල් යන්න කලින් අපිට ඉස්සරහට එන්න පුළුවන්."