WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මට ශතකය නෙමෙයි වැදගත් වුණේ ජයග්‍රහණය - ජනිත් ලියනගේ

2024 January 09- Page Views : 35

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට රැගෙන යමින් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ අහිමිවූ ශතකය ගැන අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, තමාට ඒ මොහොතේ වැදගත් වූයේ සිය ශතකයට වඩා තරගය ජයග්‍රහණය කිරීම බවය.

"පළවෙනි කඩුලු 02 බිඳවැටුණට පස්සේ මම හිතුවා ටික වෙලාවක් ආරක්ෂාකාරීව ඉඳලා අනිත්ම වෙනකම් බැට් කරනවා කියලා. මම දිගින් දිගටම පුහුණුවීම් කළා. මම හොඳින් ක්‍රීඩා කළොත් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් කියලා මම හිතුවා."

"තරගයේ මැදදි මම හිතුවෙත් අද මගේ දවස කරගන්න. තරගය අපේ කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය කරන්න."

"මට වැදගත් වුණේ මගේ ශතකයට වඩා තරගය ජයග්‍රහණය කිරීම. වැස්සත් එක්ක අපි ලකුණු 5ක් විතර (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව) පහළින් හිටියේ. මම ඒ ඕවරයට ලකුණු 6ක් ලබා ගත්තා නම් වර්ෂාවෙන් තරගයට බාධා වුණත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා."

"මගේ ශතකයට වඩා ඒ වෙලාවේ කණ්ඩායම ජයග්‍රහණය කරගන්න පුළුවන් කොහොමද කියලා තමයි මම හිතුවේ."

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (08) පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය.

සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.