WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය අංගනයට පැන්න හොරකුට වෙඩි

2024 October 23- Page Views : 33

රත්මලාන දුම්රිය අංගණයේ තිබූ දේපොළ සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් පසු ආරක්ෂක නිලධාරියකු කළ වෙඩි තැබීමකින් එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් පසු අනෙක් සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙක් ද රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.