WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැලණි සරවියේ උඩු මාලයෙන් වැටී සිසුවෙක් මරුට

2024 October 23- Page Views : 31

කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන බීබී ආර් බණ්ඩාර නමැති සිසුවෙකි .

එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටි බව පැවසේ. කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .